නව ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම සඳහා අයදුම් පත්‍රය සමඟ පහත ලිපිලේඛන සියලු ව්‍යාපාර වර්ග සඳහා සම්පූර්ණ කර ඉදිරිපත් කළ යුතුය.
- තනි පුද්ගල (R.B.N. 1) හෝ හවුල් ව්‍යාපාර (R.B.N. 2) අයදුම්පත් පෝරමය.
- නව ව්‍යාපාරයක් සඳහා රු. 5.00ක මුද්දරයක් ඇලවීම.
- ඉල්ලුම් ලිපිය.
- අදාළ පළාත් පාලන ආයතනයේ වෙළඳ බලපත්‍රයේ ඡායා පිටපතක්.
- ඔප්පුවේ ග්‍රාම නිලධාරි සහතික කළ පිටපත් හා පත්ඉරු මුල් පිටපත.
- ඉඩම් අයිතිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය.
- ව්‍යාපාරය සඳහා සුදුසුකම් තහවුරු කිරීමේ සහතිකයන්.
- ව්‍යාපාර නාමපුවරුව සහිත ඡායාරූපයක්.
- අයදුම්කරුගේ ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක්.
- ව්‍යාපාර ස්ථානයට අදාළ ග්‍රාම නිලධාරි වාර්තාව.